ලංකාවේ කලා ක්ෂේත්රය තුළ අතිශය ජනප්රියත්වයට පත් සුවිශේෂ පවුලක් තමයි ඇන්තනී පවුල කියලා කියන්නේ. ඇත්තෙන්ම මේ පවුල අපේ කලා ක්ෂේත්රයට සිටින වටිනා සම්පතක් කිව්වොත් නිවැරදියි. කොහොම නමුත් කලාවටම උපන් හපන්කම් කියන දූ දරු පිරිසගෙන් සමන්විත මේ ඇන්තනී පවුල වර්තමානය වනවිට ලාංකිකයන්ගේ ආදරය නොඅඩුව දිනාගැනීමට සමත්වෙලා තිබෙනවා.
ඉතින් මේ කලා පවුලේ වැඩිමහල් දියණිය තමයි මාධවී ඇන්තනී කියන්නේ. 1988 වර්ෂයේදී උපන් ඇය සිය මවගෙන් සහ පියාගෙන් ලද කලා ආ’භාශයත් සමගින් රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක්, ලෙස පමණක් නොවෙයි නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ ගායිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා
ඇය මේවන විට විවාහ දිවියට එළැඹිලා සාර්ථක විවාහ දිවියක් ගත කරනවා. ඉතින් ඇය විවාහවෙන්නේ මිලාන් සිලවා කියන කඩවසම් තරුණයා සමගිනුයි. මිලාන් පවසන ආකාරයටනම් මාධවී කියන්නේ වගකිම් ඉටු කරන හොද ආදරණීය බිරිදක් ඒ නිසාම හොද තේරුම් ගැනීමකින් යුතුව සතුටින් පවුල් ජීවිතයක් ගත කරන බවයි.
එපමණක් නොවෙයි ඇය සිය ආදරණීය සැමියා මිලාන් ගැනත් කියන්න අමතක කළේ නැහැ. ඇයනම් කියන්නේ “මගේ ජීවිතයේ සාර්ථකත්වයට ඔහු නොමැතිව මට බැහැ. මට මාව හොයලා දුන්නේ ඔහුයි. අපි දෙන්නා සැමියා බිරිද කියලා වැඩ බෙදාගෙන නෑ. මම කවදාවත් එයාව බඩගින්නේ තියන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඔහු සමහර දවසට මගේ රෙදි ටිකත් හෝදලා, වේලලා, නවලා තියනවා. මම එයාගේ කාර් එක හෝදලා දෙනවා.” කියලයි
ඉතින් ඉතාමත්ම සමගියෙන් ජීවත්වන ඔවුන් පිළිබඳ මාධවී කියන්නේ ඒ වගේ සැ’මියෙක් පහු’වෙලා හරි ඇයගේ ජීවිතයට ලැබුණේ ඇගේ වාසනාවට කියලයි. ඉතින් ඔවුන්ගේ මේ සුන්දර කැදැල්ලට අපිත් සුබ පතන අතරම ඇගේ සුන්දර ජායාරූප පෙළක් අපි මේ විදිහට අරගෙන එනවා