ලාංකීය කලා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතර සිටින සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිනූෂා සිරිවර්ධන කියල කියන්නේ. ඇත්තෙන්ම සුන්දර රූ සපුවකට හිමිකම් කියන දිනූෂා කලා ක්ෂේත්‍රය තුළ ඉන්න අහිංසක රංගන ශිල්පිනියක ලෙස හදුන්වන්න පුලුවනි. ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ITN නාලිකාවේ විකාශනය කෙරුණු ” නෙතූ” ටෙලිනාට්‍ය හරහා රංගනයට පිවිසි ඇය 2016 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළදීමට වාසනාවන්ත වෙනවා
කොහොමහරි ඉතින් ඇය මුල්ම වතාවට සිය රංගන දායකත්වය ලබාදුන්නු “නෙතූ” ටෙලි නිර්මාණය පිළිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි ”ඒ ටෙලි ඩ්‍රාමා එක ඉවර වෙලා ගොඩක් කල් වෙලත් තවමත් ගොඩක් අය මට කතා කරන්නේ නෙතූ කියලා, නෙතු කියන්නේ ගොඩක්ම අහිංසක කෙනෙක් නිසා වෙන්න ඇති හැමෝම ඒ චරිතයට ගොඩක් ආදරේ කරන්නේ,” කියලයි
මේ අතර ඇය කලා ක්ෂේත්‍රයට පිවිසි ආකාරය පිළිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි ” ඇත්තම කියනවානම් මම ඉස්සර ගොඩක් ලැජ්ජයි. අනිත් එක තමයි මට ඒ කාලේ ඩයලොග් මතක තියාගන්න පොඩ්ඩක් අමාරුයි. කොහොම හරි මම වෙළඳ දැන්වීම් වලට සහභාගී වුනාම රඟපාන්න පොඩ්ඩක් ආසා හිතුනා. මම ක්‍ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහටයි. ඊට පස්සේ තමයි මම 2016 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගන්නේ. ඒ ජයග්‍රහණයත් එක්ක මට රංගනයට ආරාධනා ලැබුනා.” කියලයි ඇය කියන්නේ
කොහොමහරි ඉතින් දිනූෂා මේවෙනකොට විවාහකයි. ඒ වගේම ඇය මේවෙනකොට පුංචි දියණියකගේ ආදරණීය මවක්. ඉතින් ඇය විවාහයෙන් අනතුරුව අපට වැඩිය කලා ක්ෂේත්‍රය තුළින්නම් දැකගන්නට ලැබුණේ නැහැ. ඒ කොහොම වුනත් ඇය සමාජ මාධ්‍ය ජාලාවන් තුළනම් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක්.
ඉතින් ඇගේ සමාජ ජාලා රසික රසිකාවියන් බොහෝදෙනෙකු කියන්නේ ඇය මවක් වු පසුව ඇය තව තවත් ලස්සන වෙලා කියලයි. ඉතින් අද අපි කාලයක් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් හිටපු දිනූෂාගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා