Lanka Latest news site

යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?

 

Lanka Latest news site

රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබේ.

රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය පැනවීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමටද විවිධ පාර්ශව සූදානම් වෙති. ත්‍රස්තවාදය තුරන් කර දශකයකටත් වැඩි කාලයක් ඉක්මාව තිබියදී රටට යළිත් අධි ආරක්ෂක කලාප අවශ්‍ය වන්නේ ඇයි? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.

මොනවාද මේ අධි ආරක්ෂක කලාප ?

  • පාර්ලිමේන්තු සංකීර්ණය

පොල්දූව මංසන්දියේ සිට කතානායක නිල නිවස, කුඹක්ගහදූව පාර, රජමල්වත්ත පාර, පර්ලිමේන්තු ක්‍රීඩාංගණය කිඹුලාවල හන්දිය දක්වා කොටස, මාදිවෙල මන්ත්‍රී නිවාස, පින්නියර හන්දියේ සිට බැද්දගාන හන්දිය දක්වා වන ප්‍රදේශ දියවන්නා ජලාශය ද ඇතුළුව අධිආරක්ෂිත කළාපයට අයත්ය.

  • ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණ‍ය හා නීතිපති දෙපාර්තමේන්තුව

වේල්ල වීදිය පාර, අලුත්කඩේ වීදිය, සාංචි ආරච්චි වත්ත පාර, පාර්සල් වට රවුම, ශාන්ත සෙබස්තියන් පාර හා මිහිදු මාවත දක්වා වන කොටසත් මෙම කලාපයට ඇතුළත් කර තිබේ.

  • ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය

මෙම අධිආරක්ෂිත කලාපයට අයත් වන්නේ, චෛත්‍ය පාර දෙසින්, පොලිස් මූලස්ථානය දක්වා ප්‍රදේශය සහ බේරේ වැව, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, බාලදක්ෂ මාවත, වෙරළ තීරයද ඇතුළත්ව ගාලු මුවදොර වටරවුම දක්වා වන ප්‍රදේශයයි.

  • අකුරගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මුලස්ථානය

ආරක්ෂක අමාත්‍යාංශ මාවත, දියවන්නා උද්‍යාන මාවත, පාසල් මාවත, ඩී.ජී විජේසිංහ මාවත දක්වා වන කොටස් මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වේ.

  • ගුවන් හමුදා මූලස්ථානය

බේරේ වැව, චිත්තම්පලම් ඒ. ගාර්ඩ්න් මාවත, මෝගන් පාර, ජස්ටිස් අක්බාර් මාවත, දක්වා වන ප්‍රදේශ අදාළ කලාපයට අයත්.

  • අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය

මල් පාර, ඇතුළත මල් පාර, 5වන පටුමග, 27 වන පටුමග දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කළාපයට ඇතුළත් ය.

  • අරලියගහ මන්දිරය

මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ, ගාලු පාර රොටුන්ඩා හන්දියේ සිට පෙරහැර මාවත, අල්විස් හන්දිය දක්වාද, ධර්මපාල මාවත, කොල්ලුපිටිය දුම්රියපොළ මුහුදු තීරය, ලිබර්ටි වටරවුම, ගාලු පාරේ කොටස සහ කොල්ලුපිටිය හන්දිය දක්වා වන ප්‍රදේශයයි.

  • ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිවාස

බෞද්ධාලෝක මවත, තුම්මුල හන්දිය, සම්බුද්ධත්ව ජයන්ති මාවත හන්දිය, දක්වා වන ප්‍රදේශ මෙම අධිආරක්ෂිත කලාපයට ඇතුළත් ය.

ස්ටැමෝර් චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, පැජට් පාර හා මහගමසේකර මාවත ද මෙම ප්‍රදේශවයට අයත් ය.

අදාළ ප්‍රදේශ තුළ පිහිටි තානාපති මුක්තීන් හිමි ස්ථාන අධිආරක්ෂිත කලාපයට ඇතුළත් වන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top