අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ.
එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත.
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක Chennai Brave කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරා ගැනුණු අතර දසුන්ට අමතරව භානුක රාජපක්ෂ සහ මහීෂ් තීක්ෂණද Chennai Brave කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.
Northern Warriors කණ්ඩායම සිය ප්‍රධාන ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගව තෝරාගෙත් අතර Northern Warriors කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ දුෂ්මන්ත චමීරයි.
ඊට අමතරව ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ Bangla Tigers කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තෝරාගැනුණි.
මේ අතර ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සුදුසුකම් ලැබුවේ තරගාවලියට අලුතින් එක්වූ කණ්ඩායමක් වන Samp Army කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහාය