Lanka Latest news site

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට

Lanka Latest news site

Road Safety World Series T20 තරඟාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත්වුණා. ඒ ඊයේ (30) බටහිර කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා. එහිදී ඉෂාන් ජයරත්න විසින් පන්දු 19ක් තුළ 06 පහර 02ක් සහ එක් 04 පහරක් සමඟ ලකුණු 31ක් රැස් කළා. පන්දු යැවීමේ දී බටහිර කොදෙව් Legends කණ්ඩායම වෙනුවෙන් කේ.සන්ටොකී සහ බිෂෝ කඩුළු 02ක බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර කොදෙව් Legends කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 07ක් දැවී රැස් කරගැනීමට හැකිවුණේ ලකුණු 158ක් පමණයි. එහිදී නර්සිං ඩියොනරින් ලකුණු 63ක් රැස් කළ අතර සනත් ජයසූරිය සහ නුවන් කුලසේකර කඩුළු 02ක බැගින් බිඳ දැමුවා.

අවසන් තරගය අද (01) පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top