සූර්ය පැනල විදුලි බලාගාරයක් මඩකළපුවේදී විවෘත කෙරේ
මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කර තිබෙනවා.
ඒ අනුව මෙම බලාගාරය Wind Force, Vidu Lanka සහ Hi Energy සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය සමඟ කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය වන අතර මෙම බලාගාරය මගින් වාර්ෂිකව ගිගා වොට් පැය 20ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.