ශ්‍රී ලංකා මහබැංකුවේ සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ එම් ඒ එන් දවුලගල, ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර තිබෙනවා. ඒ, මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතවයි.
කේ එම් ඒ එන් දවුලගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්රයන්හි වසර 31කට අධික කාලයක් සිය සේවය ලබා දුන් නිලධාරිනියක්.