කොළඹ නෙලුම් කුලුන සඳහා රුපියල් බිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) අනාවරණය කරනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් බෙදාගෙන ඇති තොරතුරු අනුව, මෙම ව්‍යාපෘතියේ පිරිවැය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.
මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) ඉල්ලීමක් මත පදනම්ව යි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙම තොරතුරු ලබා දී ඇත්තේ.
එම තොරතුරුවලට අනුව නෙලුම් කුලුනේ කිරීම සඳහා වැය වුණු මුදල් පහත පරිදි වෙයි.
- ඉදිකිරීම් වියදම් සඳහා ඇමෙරිකානු ඩොලර් 113,600,000යි.
- උපදේශන ගාස්තු සඳහා රුපියල් 337,485,020යි.
- කළමනාකරණ ගාස්තු හා ණය කැප වීම සඳහා රුපියල් 222,369,357යි.
- 344,215,750ක් වෙනත් වියදම් සඳහා වැය කර ඇති අතර, එයට ජලය සහ විදුලිය සැපයීමේ වියදම් ඇතුළත්.
- නෙලුම් කුලුන ඉඳි කළ ඉඩම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට කළ ගෙවීම ලෙස රුපියල් 2,250,000,000ක් ද රක්ෂණ ගාස්තුවක් ලෙස ඇමෙරිකානු ඩොලර් 8,665,612ක් ද ගෙවා ඇති බව ද වාර්තා වනවා.