මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ, පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බව යි.
පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 19,912ක් බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වසරේ වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්වලින් වාර්තා වන අතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්වලින් ද පසුගිය වසරට සාපේක්ෂ ව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන්.
පවතින ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 36ක් අධිඅවදානම් කලාප ලෙස නම් කිරීමට යි ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත්තේ.
