Lanka Latest news site

නෙළුම් කුළුණ විවෘත කරන වේලාවන් යළි සංශෝධනය කෙරේ

Lanka Latest news site

නෙළුම් කුළුණ පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන් යළිත් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරන අතර එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතින බවයි කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන සමාගම සඳහන් කළේ.

එසේම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00 සිට රාත්‍රී 10.00 දක්වා ටිකට්පත් නිකුත් කරනු ලබන අතර රාත්‍රී 11.00 දක්වා නැරඹීමේ අවස්ථාව හිමි වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top