අතර ඒ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු Vikramjit Singh ලකුණු 7ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණ යැවූ පන්දුවක් හමුවේ දසුන් ශානක වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියා. එවිට නෙදර්ලන්ත ලකුණු පුවරුව දිස් වුණේ ලකුණු 23ක් ලෙසයි. නෙදර්ලන්ත කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි Bas de Leede දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුළු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දෙමින්. නෙදර්ලන්ත කණ්ඩායමේ තුන්වැනි කඩුල්ල ලෙස ලකුණු නොලබා ම Colin Ackermann දැවී ගියේ වනිදු හසරංග යැවූ පන්දුවකට ඔහු වෙත ම උඩ පන්දුවක් ලබා දෙමින්. අනතුරුව නෙදර්ලන්ත ඉනිම ගොඩ නැගීමේ වගකීම කරට ගත් Tom Cooper ආරම්භක පිතිකරු Max O’Dowd සමග එකතුව හොඳ සබඳතාවක් පවත්වා ගත්තත් මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ Tom Cooper සිය කඩුල්ල පූජා කළා. නෙදර්ලන්ත කණ්ඩායමේ පස්වන කඩුල්ල ලෙස බිනුර ප්රනාන්දුගේ පන්දුවක් හමුවේ නෙදර්ලන්ත කණ්ඩායමේ නායක Scott Edwards දැවී ගියේ ලකුණු 21ක් ලබා සිටිය දී යි. නෙදර්ලන්ත කණ්ඩායමේ මීළඟ කඩුල්ල ලෙස Tim Pringle දුවද්දී දැවීයාමකට ලක් වුණේ, නෙදර්ලන්ත ලකුණු පුවරුව ලකුණු 105ක් ලෙස දැක් වෙන විටයි. ඉන් අනතුරුව Timm van der Gugten වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා ම දැවී ගියා. නෙදර්ලන්ත කණ්ඩායමේ අටවැනි කඩුල්ල ලෙස Fred Klaassen වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ වැදී දැවී ගියා. ඒ වන විට නෙදර්ලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 109ක් ලෙසයි. නවවැනි කඩුල්ල ලෙස Paul van Meekeren කිසිදු පන්දුවකට මුහුණ නො දී දුවද්දී දැවී යාමකට හසු වුණා. නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු ආරම්භක පිතිකරු Max O’Dowd නොදැවී ලකුණු 71ක් වාර්තා කළා. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත් වූ වනිඳු හසරංග ලකුණු 28කට කඩුළු 3ක් දවා ගත්තා.