Lanka Latest news site

ඖෂධ දියර වර්ගයක් පානය කළ දරුවන් 100ක් මියයයි

Lanka Latest news site

 

කුඩා දරුවන් සදහා ලබාදෙන සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ඉන්දුනීසියාවේ දරුවන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉන්දුනීසියාව තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී ඇති බව හෙළිවීමෙන් අනතුරුවය.


එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවයි.

ඒ හේතුවෙන් ළමා මරණ 99ක් සිදුව ඇති බව සඳහන් ය.
 
එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න අපැහැදිලි ය.

ඉන්දුනීසියානු බලධාරීන් ළමුන් 200 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට විවිධ වකුගඩු ආබාධ ඇති බව හඳුනාගැණුනි.

ඉන් බහුතරය වයස අවුරුදු 05ට අඩු ළමයින් බව වාර්තා විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top