වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වී හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අද අලුයම 4.45ට පමණ ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබු රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
4 වන විශේෂ බලකායට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.
එහිදී රථයේ ගමන් කළ නිලධාරියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.