Lanka Latest news site (11)

මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු නෞකාවක් දිවයිනට

Lanka Latest news site (11)

 

මෙටි්‍රක් ටොන් 60,000ක් රැගත් ගල් අඟුරු නෞකාවක් ඊයේ (25) පස්වරුවේ දිවයිනට ළඟා වුණා.

එය මේ වන විට පුත්තලම මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙනවා. රේගු නිෂ්කාශන කටයුතු අවසන් කිරීමෙන් පසු එය ගොඩබෑමටයි නියමිත ව ඇත්තේ.මේ අතර නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේ දී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තවත් දින හතරකින් හෝ පහකින් යළි ජාතික පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එමඟින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා.නොරොච්චෝලේ බලාගාරයේ දැනට ක්‍රියාත්මක ජනන යන්ත්‍ර දෙක මගින් මෙගාවොට් 600ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, නඩත්තු කටයුතු සිදු කෙරෙන දෙවන ජනන යන්ත්‍රයත් පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top