චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 500ක් සහිත නෞකාවක් ඊයේ (25) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
එය නුදුරේ දී ම අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික සිසුන් සඳහා බෙදා හැරීමට නියමිත බව සඳහන්. ලබන සතියේ තවත් මෙට්‍රික් ටොන් 500ක් ද මෙරටට ලැබීමට නියමිත අතර, චීන ආධාර යටතේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ලැබීමට නියමිත බව යි කොළඹ චීන තානාපති කාර්යාලය පවසන්නේ.