ඉන්ධනවල ක්‍රියාකාරීත්වය වැඩිකරන Eco Tablet නමැති ඉන්ධනවලට සංකලනය කරන පෙත්තක් සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Eco Tablet පෙත්ත සිපෙට්කෝ ඉන්ධන සමඟ සංකලනය කිරීමට කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතියක් ලබාදී නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ.
අදාළ ආයතනයට විරුද්ධව සංස්ථාව විසින් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර ඇති බවත් මෙම Eco Tablet නැමැති කූට ප්රචාරයන්ට හසු නොවන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.