T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ දකුණු අප්රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා ගැනීමට සමත් වුණා.
දකුණු අප්රිකානු පිළ වෙනුවෙන් Rilee Rossouw පන්දු 56 කදී හයේ පහර 08ක් සමඟින් වේගවත් ලකුණු 109 ක් ලබාගත් අතර ඔහු හා Quinton de Kock අතර ලකුණු 163 ක සබඳතාවක් ගොඩනැගුණා.
මෙය T20 ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පවත්වාගත් වැඩිම සබඳතාව ලෙස වාර්තා පොත් අතරට එකතුවුණා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 206 ක්.