Lanka Latest news site (22)Lanka Latest news site (22)

දකුණු අප්‍රිකාවට අතිවිශිෂ්ට ජයක්

Lanka Latest news site (22)Lanka Latest news site (22)

 

2022 20යි 20 ලෝක කුසලාන සුපිරි දොළහා වටයේ තරගයක් අද (27) පැවැත්වුණේ, දකුණු අප්‍රිකාව හා බංගලාදේශය අතර යි.ඒ, සිඩ්නි ක්‍රීඩාංගණයේ දී.

එම තරගයෙන් ලකුණු 104ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ, නායක ටෙම්බා බවූමා සමඟ ක්වින්ටන් ඩී කොක්.නායක බවූමා ලකුණු 2ක් පමණක් ලබා සිටිය දී දැවී ගියා.

ඉන් පසු ඩිකොක් සමඟ පිටියේ එක් වූ රයිලි රාසෝව් බංගලාදේශ පන්දු යවන්නන් ව වේදානාබර නරබන්නන් පිරිසක් බවට පත් කළා.හතරේ පහරවල් හා හයේ පහරවල් වර්ෂාවක් මධ්‍යයේ රාසෝව් සහ ඩිකොක් බංගලාදේශ පන්දු යවන්නන් ව අන්ත අසරණ කළ අතර, රාසෝව් පන්දු 56කින් සිය ශතකය සම්පූර්ණ කළා.ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතකින් අලංකාර වුණා.

දකුණු අප්‍රිකාව සිය පන්දු වාර 20 නිමා කළේ, කඩුලු 05කට ලකුණු 205ක් ලකුණු පුවරුවේ සටහන් කරමින්.

කුණු අප්‍රිකානු සුපිරි පිතිකරණයට පිළිතුරු දීම සඳහා බංගලාදේශය වෙනුවෙන් පිති අතට ගත්තේ, සෞම්‍ය සර්කාර් සහ නජ්මුල් හුසේන් සන්ටෝ යි.නමුත් බංගලාදේශ කිසිදු පිතිකරුවෙකුට සිය පිත්ත රිසි සේ හසුරුවන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ.

බංගලාදේශය වෙනුවෙන් පිතිකරණයේ දී සාර්ථක වූ එක ම පිතිකරුවා වූ ලිටන් ඩාස් ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 31කට මුහුණ දෙමින්.ත්ම්බ්‍රේස් ශම්සි සහ එන්‍රිච් නොකියා අතර කඩුලු තුන බැගින් බෙදී ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top