Lanka Latest news site (23)

ඉන්දියාවට ලකුණු 56 ක ජයක්

Lanka Latest news site (23)

 

මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබාගත්තේ ලකුණු 123 ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 56 ක ජයක් හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top