බස් ගාස්තු අඩු කිරීමට කොරෝනා ආසන නීතියේ වෙනසක්

Lanka Latest news site (31)

 

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් වශයෙන් ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේ නීතිය ඉදිරියේ දී ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විෂයභාර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ප්‍රවාහන අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.මීට මාස දෙකකට පෙර බස් ගාස්තු සියයට 10කින් අඩු කිරීමත් සමඟ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දැමුණා. එහිදී ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ආසන ගණනට මගීන් රැගෙන යාමේ නීතිය ඉවත් කිරීමෙන් පසු ගාස්තු අඩු කරන බවයි. ඒ අනුව අදාළ නීතිය ඉවත් කරන ලෙස අවස්ථා හතරකදී ප්‍රවාහන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය වෙත ලිඛිතව දැනුම් දුන්නා.

එසේ කළහොත් සියයට 12 කින් බස් ගාස්තු අඩු කළ හැකි බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. ඒ අනුව අදාළ තීරණය කඩිනමින් ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ.එසේ කළහොත් දැනට රුපියල් 34 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 29 ක් දක්වා අඩුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top