Lanka Latest news site (1)

කොවිඩ් නිසා වැසුණු සිනමාශාලා 10 ක් යළි ඇරේ

Lanka Latest news site (1)

 

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. 2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ චිත්‍රපට සංස්ථාව ඉපයූ ආදායම ශීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි.

2019 වසර වන විට මෙරට විවෘතව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 191ක්. කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමි වීම සහ චිත්‍රපට දර්ශණ සීමා කිරීම හේතුවෙන් ඉන් සිනමා ශාලා 49ක් වසා දැමුණා. මෙම තත්වය සැළකිල්ලට ගනිමින් චිත්‍රපට සංවර්ධන අරමුදල හරහා රුපියල් ලක්ෂ තුන දක්වා වූ ණය මුදලක් සිනමාශාලා හිමියන් වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

මෙමගින් චිත්‍රපට කර්මාන්තයේ ආදායම් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත්, චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිනමාශාලා වැසී යාමත් සමඟ චිත්‍රපට නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට ප්‍රවාහන සපයන කුලී රථ රියදුන්ට සිය ආදායම් මාර්ගය අහිමි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top