පූජාව සඳහා වැඩි පිරිසකට ටිකට් අලෙවි කරලා
පුද්ගලයන් 141 දෙනකුට මරු කැඳවමින් පෙරේදා ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු වූ එල්ලෙන මගී පාලම බිඳ වැටීමේ ඛේදවාචකය සම්බන්ධව පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහි ඉදි කිරීම් බාරව කටයුතු කළ නිලධාරීන් සිවුදෙනකු ද ඊට ඇතුළත් බව වාර්තා වේ.
මීට අමතරව එල්ලෙන පාලමේ පැවැති පූජා උත්සවයට සහභාගි වීමට ජනතාවට ප්‍රවේශපත් අලෙවි කළ බව කියන පුද්ගලයන් ද, ආරක්ෂක නිලධාරියකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. ප්‍රවේශපත් අලෙවියෙන් වැඩි මුදලක් උපයා ගැනීමට එම පාලමේ රැඳී සිටිය හැකි ප්‍රමාණයට වඩා අධික පිරිසකට අවසර දීම පිළිබඳ පරික්ෂණ පැවැත්වෙන බව ගුජරාටි පොලිසිය ප්‍රකාශ කර තිබේ.