වසර 8ක් හිරුගේ දීප්තිය අතර සැඟවුණු පෘථිවියට අනතුරුදායක ග්‍රහලෝකයක්

 

 

 

 

 

 

 

 

 

නාසා ආයතනය සොයා ගනී

වසර අටක් පුරා හිරුගේ දීප්තිය අතර සැඟව තිබූ අති විශාල ග්‍රහලෝකයක් සොයා ගැනීමට අමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇතැයි වාර්තා වේ. පළලින් කිලෝමීටර් 1.5ක් බව කියන මේ ග්‍රාහකය 2022 AP7 ලෙස නම් කර ඇති අතර, එය පෘථිවියට අනතුරුදායක ග්‍රාහකයක් බව තාරකා විද්‍යඥයන් අනුමාන කර තිබේ.

පෘථිවිය සහ සිකුරු ආසන්නයේ කක්ෂගතව ඇති එම ග්‍රාහකය පෘථිවි කක්ෂය හරහා ගමන් කරන බවත්, ඒ පිළිබඳ දැනට බිය වීමට හේතුවක් නැති බවත් නාසා ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ. එම ග්‍රාහකය පෘථිවියේ ගැටෙන්නේ නම් ඒ සඳහා තවත් වසර දහස් ගණනක් ගත වනු ඇතැයි දැනට ඇස්තමේන්තු කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top