ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන පරිගණක අංශයේ සිදු ව ඇති හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියකු සඳහන් කළේ, දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන පරිගණක පද්ධතියේ දෘඪාංග දෝෂයක් මතු වී ඇති බව යි.මේ වන විට එම දෝෂය හඳුනාගෙන ඇති බවත් එය යථාවත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මේ වන විට මෙම බිඳ වැටීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්‍යාල සංකීර්ණය සමඟ පවතින සබඳතා ද බිඳ වැටී ඇති හෙයින් එම කාර්‍යාලවල ද මේ වන විට වැඩ කටයුතු ඇණ හිට ඇති බව යි ඔහු කියා සිටියේ.කෙසේ වෙතත් පද්ධතිය වහා ම යථාවත් කර ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ප්‍රමුඛ ව දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවා කටයුතු නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.
පද්ධතිය යථා තත්ත්වයට පත් කෙරෙන කාල සීමාව පිළිබඳ නිශ්චිත අදහස් දැක්වීමක් සිදු නො කළ අදාළ නිලධාරියා කියා සිටියේ, පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට ගෙන ඒම සඳහා අවැසි සියලු ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් සිටින බව යි.