එළවළු මිල තවත් අඩුවෙයි

 

එළවළු වෙළඳපලේ මාළුමිරිස් හැර අනෙකුත් එළවළුවල මිල තවදුරටත් අඩුවීමක් පෙන්නුම් කරනවා.

පෑලියගොඩ මැනිං වෙළඳපලේ මාළුමිරිස් කිලෝග්‍රෑමයක තොග මිල අද රුපියල් 750 ක් 800 ත් අතර අගයකින් සටහන් වුණා. දඹුල්ලේ එම අගය රුපියල් 600 ක්. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 600 ක් ලෙස දැක්වුණු අතර, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේද මාළු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 690 ක් ලෙස සටහන් වුණා.

කෙසේ වෙතත් බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල මැනිං වෙළඳපොලේ අද සටහන් වුණේ රුපියල් 300 ත් 320 ත් අතර අගයකින්. එය දඹුල්ලේ රුපියල් 260 ට අඩු මිලකින් වාර්තාවීමද විශේෂත්වයක් වනවා. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර අගයක පැවතුණා.කැරට්, ලීක්ස්, බීට්රූට් වැනි උඩරට එළවළු රැසක තොග මිලද රුපියල් 250 ට අඩු මට්ටමකින් පැවතීම විශේෂත්වයක් වනවා.

පහත රට එළවළුවලද දෙහි සහ කරවිල හැර අනෙකුත් එළවළු සියල්ලෙහිම තොග මිල රුපියල් 250 ට අඩු මට්ටමක අද සටහන්වී තිබෙනවා.අමු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිලද රුපියල් 200 මට්ටමේ සටහන්ව තිබූ බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top