පහළ වායුගෝලයේ කැළඹීමක් – තද වැසි තවදුරටත්

 

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව, උතුර, උතුරුමැද පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකියි.දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

මේ අතර දිස්ත්‍රික්ක 7 කට බලපැවැත්වෙන පරිදි අද පස්වරු තුනේ සිට හෙට පස්වරු 3 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලටයි මෙම නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top