පසුගිය දා සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනාගෙන් 76 දෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම පිරිස මැලේසියාව දක්වා ගුවනින් ගොස් වෙනත් රටක ගමනාන්තය දක්වා යාමට මෙම යාත්‍රාවට ගොඩ වී ඇති අතර එම යාත්‍රාවට ගොඩවීමට පෙර තැරැව්කරුවන්ට මුදල් ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
කෙසේ නමුත් අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා.