ශ්‍රී ලාංකිකයින් 303 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නවා

 

ශ්‍රී ලාංකිකයින් 303 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නවා – විදේශ අමාත්‍යංශය

වියට්නාම මුහුදේ අතරමංවී සිටියදී පෙරේදා බේරාගැණුනු ශ්‍රී ලාංකිකයන් 303 දෙනා Ho Chi Minh හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

එම පිරිස ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට කඩිනම් පියවර ගත් බවත් වියට්නාම විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

ඔවුන්ගේ ජාතිකත්වය සහ අනෙකුත් තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් අනතුරුව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගියදා වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට පත්වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top