සාමාන්‍ය පෙළ විභාගයේ ප්රත්ඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ධර්මසේන පවසනවා.
සිදුකල විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි .
මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරු රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.