වීසා නොමැතිව මෙරට රැඳී සිටි ජර්මන් ජාතිකයෙකු කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) සවස් කාලයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අද (14) මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.