අහංගම නගරයට ආසන්න වෙරළ තීරයේ සැරිසැරූ කිඹුලෙකු ධීවරයන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව අද (14) උදෑසන අල්ලා ගැනීමට සමත්ව තිබේ.
එම කිඹුලා අඩි 5යි අඟල් 8ක් පමණ වන ගැට කිඹුල් වර්ගයට අයත් බවට වාර්තා වේ.
ධීවරයින් සහ ජනතාව කිඹුලා පිළිබඳව අහංගම පොලීසිය සහ හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරින් ව දැනුවත් කළ ද අද (14) උදැසන වන විටත් කිඹුලා අල්ලා ගැනීමට එම පිරිස්වලට හැකිවී තිබුණේ නැත.
එම හේතුවෙන් මුහුදු තීරය සංචාරකයින්ට භාවිත කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබුණි.
කෙසේවෙතත් අද උදෑසන කිඹුලා වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ දී ධීවරයන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ‍්‍රමයක් මෙන්ම අවදානමක් දරමින් කිඹුලා අල්ලා ගැට ගසා හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට කටයුතු කර ඇත.