2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට හා නිදහස් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා.
ඒ අනුව ක්‍රීඩකයින් 163 දෙනෙකු සිය කණ්ඩායම්වල රඳ්වා ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන් කටයුතු කර ඇති අතර ක්‍රීඩකයින් 85 ක් නිදහස් කිරීමටද කටයුතු කර තිබෙනවා.
එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.