චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩසර් සංචිතෙන් ඉවතට

 

ඉන්දීය ප්‍රිමීය ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, කොල්කටා නයිට් රයිඩසර් සංචිතයෙන් මුදා හැරීමට එම කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

මීට අමරතර ව මෙම සංචිතයෙන් ශිවම් මාව්, පැට් කමින්ස්, සෑම් බිලිංග්ස් සහ මොහොමඩ් නබී යන ක්‍රීඩකයන් ද මූලික සචිතයෙන් මුදා හැරීමට යි කොල්කටා නයිට් රයිඩසර් කළමණාකාත්වය තීරණය කර ඇත්තේ.

පසුගිය තරග වාරය සඳහා පළමු වරට කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරාගත් චාමික කරුණාරත්න හට එම තරගාවලිය තුළ දී කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට නො හැකි වු අතර, නිමා වූ ලෝක කුසලාන තරගාවලිය තුල දීත් ඔහුගෙන් කිසිදු විෂේශ දක්ෂතාවක් ප්‍රකට වුණේ නැහැ,

කොල්කටා නයිට් රයිඩසර් සංචිතයෙන් ඔහුව නිදහස් කිරීමට මෙම කරුණු බලපාන්නට ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top