තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම්වලට ක්‍රීඩා කළානම් පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසයි.
මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාර් ධර්මසේන මහතා පැවසුවේ එවැනි සංසන්දනයක් අවශ්‍ය නොවන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ධර්මසේන මහතා,
“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගොඩාක් හොඳයි. මම දකින්නේ මේ වගේ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කරද්දී ඒ අවස්ථාවලට හරියන විදියට ක්‍රීඩා කරන්න ඕන. ඒ වගේම පෙරහුරුවල ලෑස්ති වෙන්න ඕන. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගාවලියකදී එක පාරටම මාසයක් තියලා ලෝක කුසලානයකට සූදානම් වෙන්න බෑ. ප්ලෑන් එකක් තියෙන්න ඕන. එක එක අවස්ථාවන් හදන්න ඕන කොහොමද ක්‍රීඩා කරන්න ඕන කියලා. ඒකට තමයි පුහුණුකරුවන් සහ කළමනාකරුවන් ක්‍රිකට් ආයතනයේ ඉන්නේ. මම හිතනවා ඒගොල්ලෝ ඒ දේවල් කරන්න ඇති කියලා. ඒත් යම්කිසි හේතු නිසා තරගයෙන් ඉවත්වෙන්න වුණා. මම හිතනවා ඒක හොඳ අත්දැකීමක් කරගෙන ඉදිරියේදී ක්‍රීඩා කරයි කියලා.”
“අන්තිම අවුරුදු දෙකේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක විනිසුරුවරයෙක් විදියට හිටපු නිසා පෞද්ගලිකව මම දන්නවා ළමයින්ගේ හැකියාව ඉතාමත් හොඳයි, සාර්ථක තැනක හිටියා වාසනාවත් තියෙන්න ඕන මම හිතන්නේ අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කරන්න. අපි දැක්කා පාකිස්තානයට කොහොමද වාසනාව ලැබුණේ කියලා අවසන් පූර්ව තරගයකට ක්‍රීඩා කරන්න. ඉතින් අපේ කණ්ඩායමට දක්ෂතාවය කෙසේ වෙතත් වාසනාවේ පොඩි අහිමිවීමක් තිබුණා. ඒත් එක්කම මම අර කියපු ඒ කුඩා තැන් හදාගන්න පුළුවන් නම් ඊළඟට පන්දුවාර 50 ලෝක කුසලානය ලබනවා අවුරුද්දේ තියෙනවා. ඉතින් ඒකෙ අපිට අවසාන තරගයට එන්න පුළුවන් කියලා මම හිතනවා.”
“සැලසුමක් තිබුණා සැලසුමක් නැතුව කවදාවත් ක්‍රීඩා කන්නේ නෑ. නමුත් සැලසුම අතිවිශිෂ්ඨ අන්දමින් තිබුණා කියලා මට හිතන්න බෑ, මොකද අනිත් කණ්ඩායම් ගොඩාක් වෙලාවට ලෝක කුසලානයට එන්නේ ගොඩාක් සැලසුම් කිහිපයක් එකතු කරගෙන. අපේ ඉතින් කණ්ඩායමේ හේතු තියෙනවා සැලසුම් බිඳෙන්න, මොකද ආබාධ ඇතිවුණා. ක්‍රීඩකයෝ කිහිපදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඉතින් ඒ ඉවත්වෙන්න සිද්ධවීමත් තුළ කණ්ඩායම සමබර කිරීමේ නොහැකියාවක් තියෙනවා. ඒ වගේ හේතු නිසා මම හිතනවා කණ්ඩායමේ අවසාන ප්‍රතිඵලය කරා ලංකාවට එන්න බැරිවුණා කියලා. “
“මම ඉස්සරවෙලාම කියන්න ඕන 1999 මේකට ගළපගන්න එපා. අපි 99 දී ක්‍රිකට් ගහපු එකයි දැන් 2022 ක්‍රිකට් ගහන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. තාක්ෂණයත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්නේ. අපි ඒ කාලේ සෙල්ලමක් කරපු විදියට දැන් කරන්න ගියොත් මම හිතනවා පළවෙනි වටයෙන්ම එළියට යනවා කියලා. මම දකින්නේ ඒකයි මේකයි සංසන්දනය කරන එක අවශ්‍ය නෑ. හැබැයි මේ පවතින කාලය අනුව තාක්ෂණයත් එක්ක අපේ කණ්ඩායම හැඩගැහිලා තියෙනවා. මම කියන්නේ මළකඩ පොඩ්ඩක් තියෙනවා ඒ මළකඩ අයින් කරගෙන ඒ ලයින් එකේ හරියට යනවා නම් මම හිතනවා අපේ කණ්ඩායමට ඉහළ තැනකට එන්න පුළුවන් කියලා. “
“විශේෂයෙන්ම අපේ කණ්ඩායම හොඳයි, කණ්ඩායම හොඳ නැත්නම් අපිට ආසියානු කුසලානය මීට මාස දෙකකට කළින් දිනන්න අමාරුයි නේ. ඉතින් මම හිතනවා ඒ පැත්තෙන් බැලුවාම අපේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. ඒගොල්ලෝ පෙන්නුම් කරලා තියෙනවා හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් කියලා. ඔස්ට්‍රේලියාවේදී තව ටිකක් පෙරහුරුවලදී ඒ කාලගුණික දේශගුණික තණතීරුවලට තත්ත්වයට කණ්ඩායමේ පොඩි පොඩි වෙනස්වීම් වුණා නම් මට හිතෙනවා තව ඉස්සරහට යන්න තිබුණා කියලා. “
“මට තව අවුරුදු 8ක් ජාත්‍යන්තර තලයේ විනිශ්චය කරන්න පුළුවන් ICC එකේ. ඒ අවුරුදු 8 විනිශ්චය කරන්න තමයි බලාපොරොත්තුව. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. “