චීනය ණය දෙන්නෙකු නොව සහාය දෙන්නෙකු බව මහජන චීන සමූහාණ්ඩුවේ දූත මණ්ඩල තානාපති කාර්යාලයේ ප්රධානී, තානාපති ලින් සොන්ග්ටියන් පවසනවා.ඔහු අවධාරණය කරන්නේ, චීනය ශ්රී ලංකාවේ ආයෝජනය කරන්නේ, සමස්ත ලෝකයට ම ආයෝජන පහසුකම් සැලසීමේ අරමුණින් බව යි.චීන – ශ්රී ලංකා මිත්රත්වය සම්බන්ධයෙන් කොළඹ දී පැවති සම්මන්ත්රණයක් අමතමින් ඔහු මේ බව අවධාරණය කළා.