අනාරක්ෂිත ළිඳකට වැටී 9 හැවිරිදි දරුවා මරුට

 

සෙට්ටිකුලම පොලිස් වසමේ පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 9ක් වූ පිරිමි දරුවෙකි.

එම දරුවා මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ ඇති ළිඳට වැටී තිබේ.

පසුව මව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩට ගෙන රෝහල්ගත කර ඇති නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බව අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top