ව්‍යාජ ලෙස සකස් කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර – මධ්‍යම කඳවුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 46 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් සියඹලාවැව ප්‍රදේශයේ නිවසක දෝෂ මගහැරීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබෙනවා. සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නිවසේ දෝෂ මගහැරීමට නම් රනින් නිම කරන ලද පක්ෂියෙකුගේ අනුරුවක් නිවසේ තැන්පත් කළ යුතු බවයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 6 ක මුදලක් අවශ්‍ය බව පවසා නිවැසියන්ගෙන් ලක්ෂ 3 ක මුදලක් ලබාගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද රන් ආලේපිත අනුරුවක් ලබාදී තිබෙනවා.
මෙම පක්ෂියාගේ අනුරුව ව්‍යාජ එකක් බවට හෙළිවී ඇත්තේ එය, නිවැසියන් රන් භාණ්ඩ වෙළඳසැළකින් පරීක්ෂා කිරීමේදීයි. කෙසේ වෙතත් ඊයේ ඉතිරි ලක්ෂ තුනක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.