admin-lankanews

පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

  මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වර්ෂාවත් සමඟ පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් තත්පරයට ඝන අඩි 4860ක ජල ධාරිතාවයක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ. එබැවින් පහළ වෙසෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ද ඉල්ලීමක් කරනවා. මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ…

Read More

විශ්ව විද්‍යාලවල‌ට තේරුණු සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචිය අද සිට ඇරඹේ

  2021 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද (19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් උපදෙස් සිසුන්ට කෙටි පණිවිඩ මඟින් හා විද්‍යුත් තැපැල් පණිවිඩ මඟින් යොමු කරන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

Read More

තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

  තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ඊයේ (18) රාත්‍රී තායිලන්ත බොක්ක ප්‍රදේශයේ ගොඩබිමට කිලෝමීටර් 32ක් පමණ ඔබ්බෙන් මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි එම යාත්‍රාව කුණාටුවකට හසුව පෙරළී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති…

Read More

ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද?

  ට්විටර් ප්‍රධානී ඉලොන් මස්ක් ඉදිරියටත් ට්විටර් ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරීම පිළිබඳව තීරණය කිරීමේ අවස්ථාව ට්විටර් පරිශිලකයන් වෙත ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව පරිශීලකයන්ගේ අදහස විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය…

Read More

2022 ලෝක කුසලානය ආර්ජන්ටිනාවට

උද්වේගකර තරගයකින් පසු, ලෝක ශුර ප්‍රංශය පරදවමින් ආර්ජන්ටිනාව 2022 ලෝක පාපන්දු කුසලානය දිනා ගත්තේය. තරගයේ ජය පරාජය තීරණය කිරීමට මිනිත්තු 90 ක කාලය මෙන්ම මිනිත්තු 30 ක අමතර කාලයක් සහ දඬුවම් පහර එල්ල කිරීමේ වටයක්ද විය. තරගය නිමාවට පත්වුයේ දඬුවම් පහර 4ට 2ක් ලෙස ආර්ජන්ටිනාවට තරගයේ ජය හිමිකර දෙමින්ය. ආර්ජන්ටිනාව 2022 ලෝක කුසලානය දිනා ගත්තේ…

Read More

පාසලක ගංජා සුරුට්ටු බිව්ව සිව්දෙනෙකු අත්අඩංගුවට

  ගම්පොළ පොලිස් වසමේ පිහිටි ප්‍රධාන රජයේ පාසලක සූක්ෂ්ම අයුරින් ගංජා භාවිත කළ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොල පොලිසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුවයි ඊයේ (16) රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කෙරුණේ.එහිදී නීතිවිරෝධී අයුරින් ගංජා පාසලට ගෙනැවිත් ඇත්තේ එහි ආරක්ෂක කටයුතුවල නිරත මුරසේවකයා බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ. අත් අඩංගුවට ගත්…

Read More

ශිෂ්‍යත්වය විභාගය පිළිබඳ කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

  2022 වසරට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) පෙරවරුවේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව හෙට දිනයේ දී ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2894ක දී, අපේක්ෂකයින් 334,698 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවර විභාගයේ දී විභාගය පැවැත්වීමේ ක්‍රමවේදය කිසියම් වෙනසක් ද සිදු කර තිබෙනවා.ඒ…

Read More

නිවසේ සිටි බිළිදියට අත් වූ ඉරණම

  අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී තිබුණි. නිවසේ සිටි වෙනත් දරුවෙකු විසින් හීටරය භාවිත කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නොමැති බව සඳහන් වෙයි. බිළිඳිය සිටි ඇඳට ගිනි ඇවිලී කාමරය තුළ…

Read More

ධනුෂ්ක සිඩ්නි අධිකරණයේ අවසර පතයි

  කාන්තාවකට කිහිප වතාවක්ම ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිඩ්නිහි ඇප මත කල් ගෙවන  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, නැවත අධිකරණයේ පෙනී සිටීමින් තම ඇප කොන්දේසියක් වෙනස් කිරීමට ඉල්ලා තිබේ.එක් නිදන කාමරයක මහල් නිවාසයකට යාමට අවසර දෙන ලෙස ඔහු සිකුරාදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.   ආධාරකරුවෙකු සමඟ වාසය කිරීමට ඔහුට පනවා තිබූ  ඇප කොන්දේසි වෙනස්…

Read More

චීනය කැමති වෙයි

  ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ බව සඳහන් කළාය. එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතය.

Read More
Back To Top