admin-lankanews

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

  පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදුකෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම…

Read More

සඳට ගොස් පැමිණි ඔරායන්

  සිය දින 26ක සඳ තරණ මෙහෙයුම නිමකළ ඔරායන් අභ්‍යවකාශ යානාව නිරුපද්‍රිතව පෘථිවිය වෙත ගොඩබැස්සවීමට නාසා ආයතනය ඊයේ (11) සමත්විය. නාසා ආයතනයේ නවතම සඳ තරණ මෙහෙයුම වන ආර්ටිමිස් වන් මෙහෙයුම යටතේ මිනිසුන් රහිත ඔරායන් යානාව අභ්‍යවකාශගත කෙරුණේ පසුගිය නොවැම්බර් මස 16 වනදා ය. අමෙරිකාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කළ ඔරායන් කැප්සූලය දින 26ක මෙහෙයුම අවසන්…

Read More

දින තුනක් වැසෙන පාරක්

  පොල්ගහවෙල දුම්රිය මාර්ගය අසල පිහිටි පොල්ගහවෙල – කෑගල්ල A19 මාර්ගය හරහා වැටී ඇති දුම්රිය මාර්ග කොටස අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබීමට නියමිත බව දුම්රිය සේවය දැනුම්දෙයි. ඒ හේතුවෙන් දෙසැම්බර් මස 15 වන දා උදෑසන 7 සිට දෙසැම්බර් මස 18 වන දා සවස 6.30 දක්වා අදාළ හරස් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා තිබේ. එම කාලය…

Read More

පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම යෝග්‍යයි

  සාමාන්‍ය පරිදි අද සිට පාසල් විවෘත කළද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම යෝග්‍ය බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතිරීමේ අවදානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම හිතකර බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම ළමුන්ට කැස්ස, හෙම්බිරිස්සාව ඇත්නම්…

Read More

තැපැල් සේවකයින්ට හදිසි දැනුම්දීමක්

  සේවය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය මත සියලුම කාර්ය මණ්ඩල නිවාඩු අවංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගේ විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව අද (12) දින සේවයට වාර්තා කරන ලෙස සියලු කාර්ය මණ්ඩලයට දැනුම්දෙයි. තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240ක උපරිම අතිකාල ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් සඳහන්…

Read More

මත්පෙති සමඟින් රෝහල් සේවිකාවක් අත්අඩංගුවට

  මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිතුත් කණිෂ්ඨ සේවිකාවක් අත්අඩස්ංගුවට ගෙන තිබෙනවා. උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ (11) සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව රුපියල් 2,000ක මත්පෙති 40ක් අලෙවි කර ඇති බවයි පොලීසය පවසන්නේ. කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති…

Read More

පාසල් අද යළි ආරම්භ කෙරේ

  අයපහත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබුණු සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දින නැවත ආරම්භ වනවා. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා (09) දින රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළා.

Read More

රුසියාවේ යුද ආධාරකරුවා ගැන හෙළිදරව්වක්

  ඉරානය රුසියාවේ ඉහළ යුද ආධාරකරුවා බවට පත්ව ඇති බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසන්නේ රුසියාව සහ ඉරානය අතර යුද සබඳතාව මේ වනවිට ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව එම රටවල් එක්ව මාරාන්තික ඩ්‍රෝන යානා නිෂ්පාදනය කිරීමට සලකා බලමින් සිටින බවට  වාර්තා වන බව ජෝන් කර්බි පවසයි. පසුගියදා රුසියාව විසින්…

Read More

මාරක අනතුරුවලින් දරුවෙක් ඇතුළු 6ක් මරුට

  දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. කුලියාපිටිය – නාරම්මල මාර්ගයේ බෝහිංගමුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ගැටී ඇති අතර රෝහල් ගත කර පසු දරුවා මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි කිතලව ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. මේ අතර…

Read More

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

  නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 10 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව,…

Read More
Back To Top