
කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද (25) ආරම්භ වනවා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද (25) ආරම්භ වනවා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඉන්ධන මිල දී ගැනීමේ දී මුදල් වෙනුවට රත්‍රංවලින් ගෙවීම් සිදු කිරීමට ඝානාව තීරණය කර තිබෙනවා. ඒ, පහත වැටෙන ඔවුන්ගේ ඩොලර් සංචිතය ඉතිරි කරගැනීමේ අරමුණින්. ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවයි ඝානා උපජනාධිපති මහමුදු බවුමියා සඳහන් කළේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන…
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද (25) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) නම් කළා.
ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට හතරකට ආසන්න අගයෛන් ඊයේ (23) පහළ ගොස් ඇති බවයි නවතම වාර්තා වල දැක්වෙන්නේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල $84යි ශත 96ක් ලෙස දැක්වුණු අතර ඩබිලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ $77යි ශත 76ක් ලෙසයි.
චීනයේ යලිත් කොරෝනා රෝගය ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතී. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ පමණක් ආසාදිතයන් 31,454ක් එරටින් වාර්තා වී ඇති බවයි. කොරෝනා වසංගතයා ආරම්භ වූ දින සිට එරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙය ලෙසයි සැලකෙන්නේ.
ශ්‍රී ලංකාවට සෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් ගුවන්සේවය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගන්නා බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ. දෙසැම්බර් 01 වනදා සිට එම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟාවලියේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ට දැනුම්දීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ….
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව චාමික කරුණාරත්න විසින්…
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ , Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ලාංකික ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරණ ” LANA PRODUCTION ” ආගමනය. මෑතකදී ශ්‍ර්‍රී ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙමිනින් පවතින Electric music සංගීත ප්‍රසංග කිහිපයක් පසුගිය කාලය පුරා කොළඹ සහ සංචාරක ආකර්ෂණය පවතින ප්‍රදේශ වල පවත්වනු දක්නට ලැබිනි. ලෝකය පුරා ඉතා ප්‍රචලිත සංගීත කලාවක් වන මෙහි…
ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා අතරින් අයෙක් බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වී තිබෙනවා. අනෙක් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.