
මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද වාර්තා වෙයි
මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද හමු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. රෝගියා ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව යි වාර්තා වන්නේ. දැනට අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති බව සඳහන්.
මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද හමු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. රෝගියා ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව යි වාර්තා වන්නේ. දැනට අදාළ පුද්ගලයා රෝහල්ගත කර ඇති බව සඳහන්.
බිත්තර මිල ඉහළ දැමීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව අවසර ලබා දුන් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික විජය අල්විස් මේ බව සඳහන් කළේ අභියාචනාධිකරණය හමුවේ ඔවුන් ගොනුකර ඇති නඩුව ඊයේ විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර…
පසුගිය දා සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනාගෙන් 76 දෙනෙකු ම යාපනය දිස්ත්‍රික්කයේ වැසියන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම පිරිස මැලේසියාව දක්වා ගුවනින් ගොස් වෙනත් රටක ගමනාන්තය දක්වා යාමට මෙම යාත්‍රාවට ගොඩ වී ඇති අතර එම යාත්‍රාවට ගොඩවීමට පෙර තැරැව්කරුවන්ට මුදල් ඇති බවට ද තොරතුරු අනාවරණය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 704 ක් හිමිකර ගනිමින්. එහි දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් හිමිකරගෙන ඇති අතර ඕස්ටේ්‍රලියාවේ ජොෂ් හසල්වුඩ්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයයි. මීට පෙර ද එක් අවස්ථාවක…
ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩු වී තිබෙනවා. ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊලෝන් මස්ක්ගේ මේ වනවිට වත්කම ඩොලර් බිලියන 195ක්.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව, උතුර, උතුරුමැද පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…
එළවළු වෙළඳපලේ මාළුමිරිස් හැර අනෙකුත් එළවළුවල මිල තවදුරටත් අඩුවීමක් පෙන්නුම් කරනවා. පෑලියගොඩ මැනිං වෙළඳපලේ මාළුමිරිස් කිලෝග්‍රෑමයක තොග මිල අද රුපියල් 750 ක් 800 ත් අතර අගයකින් සටහන් වුණා. දඹුල්ලේ එම අගය රුපියල් 600 ක්. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 600 ක් ලෙස දැක්වුණු අතර, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේද මාළු මිරිස් කිලෝග්‍රෑමයක…
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ (08) රාත්‍රියේ යථා තත්වයට පත් කෙරුණා. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් ආපදාවට පත්ව සිටි යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ. ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව…
රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් බී හා සී රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි එදිරිසිංහ පවසනවා.එය යථාවත් කර ගැනීමට නො හැකි වුව හොත් බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු වන බව යි වෛද්‍යවරිය පවසන්නේ. සැපයුම්කරු විසින් ඊට අදාළ සැපයුම් ලබා දීමට සහතික…