admin-lankanews

ට්‍රම්ප් යළිත් ජනපති සටනට

    ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් 2024 වර්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකාවේ – අයෝමා ප්‍රාන්තයේ පැවති රැස්වීමක් අතරතුර දී ඔහු සඳහන් කර තිබුණේ, තමන්ට ව්‍යාජ ඡන්ද ප්‍රතිඵලයක් හේතුවෙන් 2020 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට සිදු වූ බවයි.

Read More

බොර තෙල් මිල පහළට

  ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැ යි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ල වී ඇති බව එම වාර්තාවල සඳහන්. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45…

Read More

මෙරටින් පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි

  පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා. ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක්.සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළා.

Read More

දින තුනක සිට ආගිය අතක් නැති වූ පුද්ගලයා ළිඳකින් හමුවෙයි

  යාපනයේ – නෙල්ලි අඩිකලත්ති කරණවෛ ගම්මානයේ දින 03ක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ අද (04) පෙරවරුවේදියි. මෙම පුද්ගලයාගේ මළසිරුර හමුව ඇත්තේ එම ප්‍රදේශයේ ම ළිඳක් තුළ පාවෙමින් තිබියදියි.මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියෙහි පසුවන එස්.වියාලේන්ද්‍රන් නමැති එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.දින තුනක සිට තම ඥාතියා ආගිය අතක් නොමැති බව පවසමින් පොලිසියට…

Read More
Lanka Latest news site (16)

රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට

  බන්ධනාගාර රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් සන්තකයේ තිබී දුම්කොළ සුරුට්ටු 200ක් සහ ගංජා ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 840ක් සමඟ ජංගම දුරකථන 02ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේ දී මෙම වැටලීම සිදු…

Read More
Lanka Latest news site (15)

ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කරන තරග දෙකක් හෙට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට (04) පැවැත්වෙනවා. නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා. එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ…

Read More
Lanka Latest news site (14)

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් වු හානි සඳහා වන්දි ගෙවීම් තීරණය කරන්න කමිටුවක්

  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු පරිසර හානිය සහ ධීවරයන්ට සිදු වු හානිය වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරදෙන ලෙසත් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝග නිකුත්…

Read More

පෙන්ගුයින් ට තර්ජනයක්

ඇන්ටාක්ටිකාවට ආවේනික එම්පරර් පෙන්ගුයින් විශේෂය, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව, නිල වශයෙන් නිවේදනය කර තිබේ. දේශගුණික විපර්යාස හේතුවෙන්, ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවී යාම, මීට ‍ප්‍රධාන හේතුවයි. එම්පරර් පෙන්ගුයින්, ලොව වෙසෙන පෙන්ගුයි වර්ගවලින් උසම සහ විශාලතම වර්ගයයි. අමෙරිකානු මත්ස්‍ය සහ වන සත්ව සේවය මෙම සතුන් ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇත. මේ වන විට…

Read More

වසර 8ක් හිරුගේ දීප්තිය අතර සැඟවුණු පෘථිවියට අනතුරුදායක ග්‍රහලෝකයක්

                  නාසා ආයතනය සොයා ගනී වසර අටක් පුරා හිරුගේ දීප්තිය අතර සැඟව තිබූ අති විශාල ග්‍රහලෝකයක් සොයා ගැනීමට අමෙරිකාවේ නාසා ආයතනය සමත් වී ඇතැයි වාර්තා වේ. පළලින් කිලෝමීටර් 1.5ක් බව කියන මේ ග්‍රාහකය 2022 AP7 ලෙස නම් කර ඇති අතර, එය පෘථිවියට අනතුරුදායක ග්‍රාහකයක් බව තාරකා විද්‍යඥයන්…

Read More

ගුජරාටි එල්ලෙන පාලමේ ඛේදවාචකයට පුද්ගලයන් 9ක් අත්අඩංගුවට

  පූජාව සඳහා වැඩි පිරිසකට ටිකට් අලෙවි කරලා පුද්ගලයන් 141 දෙනකුට මරු කැඳවමින් පෙරේදා ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු වූ එල්ලෙන මගී පාලම බිඳ වැටීමේ ඛේදවාචකය සම්බන්ධව පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහි ඉදි කිරීම් බාරව කටයුතු කළ නිලධාරීන් සිවුදෙනකු ද ඊට ඇතුළත් බව වාර්තා වේ. මීට අමතරව එල්ලෙන පාලමේ පැවැති…

Read More
Back To Top