අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

  2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවූ අතර අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම දෙසැම්බර් 08 වනදා පැවැත්වෙනවා.

Read More

ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක්

  ලබන වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ අනුව රියදුරෙක් විසින් මහාමාර්ගයේදී යම් වරදක් සිදුකළ හොත් දඩකොළයක් ලබාදීම මෙන්ම ඔහුට හිමි ලකුණු ප්‍රමාණයද අඩු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එසේ ලකුණු 24 ක් දක්වා ලකුණු කැපුණු පසු නැවතත් අලුත්…

Read More

ලබන මාසයේ සිට QR ක්‍රමය අවසන්ද?

  එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR…

Read More

විදේශිකයන් 3,000ක් රැගත් මඟී නෞකාවක් දිවයිනට

  එළඹෙන 28 වනදා විදේශිකයන් 3,000ක් රැගත් තවත් මගී නෞකාවක් කොළඹ වරායට පැමිණිමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ඊයේ (21) පැවති අයවැය විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Read More

සංචාරක වීසා මගින් විදෙස්ගත වීම අත්හිටුවයි

  සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා. අද (19) පාර්ලිමේන්තුවේ දී ඕමාන‍යේ මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සදහන් කළා. ” මේ අය ගිහින්…

Read More

මං බලන්නේ මිනිස්සු දිහා, ගොඩනැගිලි හෝ සමාගම් දිහා නෙමෙයි

  ලාභ ලබන ආයතන අලෙවි කිරීමෙන් රටට විශාල හානියක් සිදුවන බව බොහෝ දෙනෙකු පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අලෙවි කිරීම සිදුකරන්නේ ඩොලර්වලට බවත්, එමඟින් බිංදුවට තිබෙන මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 03කින්වත් වැඩිවනු ඇති බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ. එමෙන්ම මෙරට විශ්‍රාම වැටුප් සේවක අර්ථ සාධක…

Read More

පාසල් උපකරණවල මිල ගැන සුබ ආරංචියක්

  සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදුවී ඇත් නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය. “සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණ වල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදුකරනවා….

Read More

චීනය ණය දෙන්නෙ නෑ, සහාය දෙනවා – ලින් සොන්ග්ටියන්

  චීනය ණය දෙන්නෙකු නොව සහාය දෙන්නෙකු බව මහජන චීන සමූහාණ්ඩුවේ දූත මණ්ඩල තානාපති කාර්යාලයේ ප්‍රධානී, තානාපති ලින් සොන්ග්ටියන් පවසනවා.ඔහු අවධාරණය කරන්නේ, චීනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ, සමස්ත ලෝකයට ම ආයෝජන පහසුකම් සැලසීමේ අරමුණින් බව යි.චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සම්බන්ධයෙන් කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව අවධාරණය කළා.

Read More

විෂබීජ නාශක සඳහා යොදා ගන්නා එතනෝල් බද්ද යළි ඉහළට

  කොවිඩ් වසංගත සමයේ පහත දැමූ විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. එසේම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25 ක සුරා බද්ද රුපියල් 50 ක් දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

Read More
බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට

බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තිළිණි ප්‍රියමාලි විසින් සිදුකළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව මෙම හිමියන් අත්ඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

Read More
Back To Top