කාන්තාවක් STF අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ තිළිණි නිෂාදි නොහොත් ටීනා නමැති කාන්තාවයි. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටීනා නමැති…

Read More

මදන මෝදක විකිණීම, ළඟ තබා ගැනීම වරදක් නොවේ

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබෙනවා. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…

Read More

උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හි දී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුම අවශ්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ. මේ වන විට ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව විභාග කොමසාරිස්…

Read More

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය…

Read More

තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය

“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා මේ බව ප්‍රකාශ කර ඇත. විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන…

Read More

ලංකාව ලබාගත් ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 29,000 ඉක්මවයි

2015 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, නියෝජිතායතනවලින් සහ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ‍ඩොලර් මිලියන 29,922ක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා. එම කාලය තුළදී මෙරටට ලැබී ඇති ප්‍රදාන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 349ක් බවත් අදාළ…

Read More

උසස් පෙළ ගැන විශේෂ දැනුම්දීමක්

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වේ. එමෙන්ම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ද තහනම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය. විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීමත්, විභාග…

Read More

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව    පන්තිවලට ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවය. ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම…

Read More

විභාගයක් ගැන දැනුම්දීමක්

2021 (2022) වසරට අදාළ මූලික පිරිවෙන් අවසන් විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් අද (16) සිට මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි අතර පෙබරවාරි 15 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය. විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.  

Read More

වෛද්‍ය චමල් සංජීව ගැන හදිසියේ ගත් තීරණය

මෙරට මන්ද පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් දැනට වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලීමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එම වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේ, අදාළ පෙත්සම කාරක සභාවේ සලකා…

Read More
Back To Top