ණය බර හේතුවෙන් සිඳු වූ අවාසනාවන්ත සිඳුවීම

මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ, තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති පස් හැවිරිදි දරුවෙකි. අප කළ විමසීමකදී නාල්ල පොලීසිය පැවසුවේ, දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී මව ද වස පානය කර ඇති බවය….

Read More

රාජ්‍ය සේවකයින්ට පරිපාලන ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. 2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා ඒ බව සඳහන් කළේය. “විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ…

Read More

රියදුරු බලපත්‍රයට සිදුවන අලුත්ම වෙනස

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මේ වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. “පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා…

Read More

කොවිඩ් ගැන නැවතත් අනතුරු ඇඟවීමක්

ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය. චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන…

Read More

චූන් පාන් වාහන වලට ලැබෙන අලුත්ම රාජකාරිය

  බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා යොදා ගන්නා චූන් පාන් ත්‍රීරෝද රථ මගින් බිත්තර අලෙවි කිරීමට සූදානම් බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර, හෙට (31) දිනයේ දී ලොරි රථ යොදා ගනිමින් කොළඹ නගරයට අමතරව මහනුවර නගරයේ ද රුපියල් 55ක මිලකට බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි…

Read More

රාජ්‍ය සේවකයින් ගැන තීරණාත්මක තීරණයක්

‍රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා පත්කෙරුණි. ඒ අනුව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට (31) දිනයේ විශ්‍රාම යාමට…

Read More

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන රියදුරු අකුසලතා ලකුණු

2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. ඒ අනුව රියදුරන් විසින් මහා මාර්ගයේදී සිදුකරන වැරදි සඳහා රියදුරු බලපත්‍රයට අදාළව ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන බවත් එහිදී රියදුරෙකුට ලකුණු 24 ක් දක්වා හිමිවන බවයි ඔහු සඳහන් කළේ. සිදුකරන වැරදි වෙනුවෙන් හිමිවන ලකුණු…

Read More

ලබන වසරේ සිට වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කරයි

2023 වසරේ ජනවාරි 1 වනදා සිට රථවාහන ලියාපදිංචියේ දී සහ පැවරීමේ දී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. වාහන බලපත්‍ර තහඩු නිකුත් කිරීමේදී පාරිභෝගිකයන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Read More

රෙඩ් වින්ග්ස් මත්තල ට

රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අද (29) ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළේය. ඒ අනුව සංචාරකයින් 398ක් රැගත් එම ගුවන් සේවයට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට අද පැමිණි බව අප වාර්තාකරු පැවසීය. සංචාරක අමාත්‍යංශය පැවසුවේ, “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය සතියකට දෙවරක් මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ඇරඹූ බවය.

Read More

පොලීසියෙන් හදිසි දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි. අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය. මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බව…

Read More
Back To Top