ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පහසුකමක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් පවසයි. මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා එම මුදල් භාවිත කිරීමට නියමිත බව ඔවුන් පැවසීය. ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවය. එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර…

Read More

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සහනයක්

රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව චක්‍රලේඛයක් සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේබව ප්‍රකාශ කළේ, දෙහිඕවිට ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි. “රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලංකාවට අවශ්‍ය නිසා තමයි, අපි නැවත ගේන්න ඉඩක් දුන්නේ. හැබැයි ඒකට පාලනයක් තියෙන්න එපැයි. අපි දැම්මේ ඖෂධ නියාමන කොමිසමේ අනුමැතිය හෝ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගේන්න කියන…

Read More

QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නැහැ

ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැනට වෙන් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය විශ්ලේෂණය කරමින් පවතින බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ…

Read More

ලංකාව ඇතුළේ සම්මානයක් දිනාගන්න ලැබීමම වටිනා දෙයක්..

ඔහු සිය සංගීතයට දිව්‍යමය බව මුසු කළ ගායකයෙකි. විටෙක ගිතාරුවෙහි තත් අතර වොරඳන ඔහුගේ අතැඟිලි මවනා ශබ්ද රිද්මයන් අත්‍යලංකාරය. සංගීතය නම් විශ්ව භාෂාවෙහි මූලයන් සොයා යන ඔහුගේ කටහඬ භාවාන්විත භාවයෙහි සුරුවමකි. අද හදගැස්ම හා එක්වන්නේ ගායනවේදී තුසිත සිම්ප්සන්. මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද? මේ දිනවල සාමාන්‍ය පරිදි ජීවිතය ගෙවීගෙන යනවා. ගොඩක්ම සංගීත නිර්මාණය කම්පෝසින් පැත්ත…

Read More

චීනයේ සහය නොමැතිව IMF ශ්‍රී ලංකාවට ණය අනුමත කරයිද?

විදෙස් මාධ්‍ය මූලාශ්‍ර කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබුණේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනය දක්වන අකමැත්ත නොතකා, ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සළකා බලමින් සිටින බවය. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ සහායක් නොමැති වුවද, එලෙස ‘ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම කෙරෙහි IMF අවධානය යොමුකර ඇතැයි’…

Read More

ආනයනය කරන පළමු බිත්තර තොගය මේ සති අන්තයේ දිවයිනට

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත අතර ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ…

Read More

ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඔහුට ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී තිබුණා.

Read More

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාළ පුද්ගලයා කළුතර…

Read More

බුත්තල ප්‍රදේශයේ සු​ළු භූ චලනයක්

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ සු​ළු භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. ඒ අනුව රිච්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

Read More

සේපාල් කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය. එම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ…

Read More
Back To Top