ගම්පහ ජනතාවට සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

  මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. ඒ අනුව මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගින් 3,200 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අතරින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්…

Read More

උපකාරක පංති තහනම්

  මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රී සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ…

Read More

බස්නාහිර පළාත ට තවත් කරදරයක්

  බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා එළිපෙහෙලි කිරීම ද මෙයට ප්‍රධාන හේතුවක් බව…

Read More

පුද්ගල පහර දීමකින් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ශයට

  මවගේ අනියම් සැමියාගේ පහර කෑමට ලක් වූ පිරිමි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර ලද තොරතුරකට අනුව ගම්පහ – පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය පොලීසිය දරුවා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබූ බවයි ආරංචි මාර්ග සදහන් කර සිටියේ. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් පසුව දරුවා මියගොස් තිබෙනව. ඝාතනය සිදුකළ…

Read More

පාසල් සිසුන් ගැන ගත් අලුත්ම තීරණය

  පාසල් සිසුන්ගේ වැරදි චර්යා වළක්වා ගැනීම සඳහා උපකාරී වන අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන් සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට නියමිතය. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවය. ඒ අනුව 2023 ජනවාරි මස 4…

Read More

මැණික් පතලක පුද්ගලයෙක් මරුට

  බගවන්තලාව, කෙසෙල්ගමුව රක්ෂිතයේ අනවසර මැණික් පතලක පස් කන්දක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අදාළ තරුණයා තවත් පිරිසක් සමඟ සිය නිවසට යාබදව කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ ඉල්ලම් ගොඩ දමමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. බගවන්තලාව පොලිසිය පවසන්නේ මෙවැනි අනවසර මැණික් ගැරීම් ප්‍රදේශයේ සුලබව සිදුවන බවයි.

Read More

ඉන්දියාව සහ ලංකාව අතර මගී යාත්‍රා සේවාව ලබන ජනවාරියේ සිට

  දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමල හා කොළඹ වරාය අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් අද පැවැත්වුණේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. එහි පළමු අදියර ලෙස කන්කසන්තුරය සහ පාන්ඩිචේරි අතර ෆෙරි සේවාව ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට සැළසුම් කර…

Read More

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද (13) උදෑසන මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළහ. මිය යන විට නිහාල් නෙල්සන් මහතා 76 වන වියෙහි පසු වුණි. 1946 වර්ෂයේදී උපත ලද නිහාල් නෙල්සන් මහතා මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ගායන ශිල්පියෙකු මෙන්ම ගී පද රචකයෙකු…

Read More

නැගෙනහිර මාංශ අලෙවිසැල් වැසේ

  නැගෙනහිර පළාතේ මාංශ අලෙවිසැල් සතියක කාලසීමාවක් සඳහා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අද (12) සිට එළඹෙන (18) වනදා දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සියලුම මස් අලෙවිසැල් වසා තැබෙනු ඇති. කෙසේ වෙතත් කුකුළු මස් අලෙවිසැල් සඳහා මෙම තීරණය අදාළ නොවන බවද පළාත් පාලන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව…

Read More

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

  පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදුකෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම…

Read More
Back To Top