චීන ඉන්ධන නැව අද කොළඹ වරායට

  චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් මෙටි්‍රක් ටොන් 9,000 රැගත් නෞකාව අද (26) කොළඹ වරාය වෙත සේන්දුවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නෞකාව මේ වනවිට සිංගප්පූරුවෙන් පිටත්ව ඇති බවයි. මෙම නෞකාවේ රැගෙන එනු ලබන ඉන්ධන ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ

  අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Read More

වීසා ගාස්තු ඉහළට

  2023 අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සහ අනෙකුත් ආගමන විගමන සේවා ගාස්තු ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටිනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටින්නේ, ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2000ක් දක්වා සංශෝධනය…

Read More

ඉන්ෆ්ලුවෙන්සා වැඩිවෙයි – මුවආවරණ පළඳින්නැයි උපදෙස්

  ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස රෝග කිහිපයක්ම මේ දිනවල පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි.

Read More

හදිසියේ ඇතිවූ ගින්නකින් දුම්රිය මැදිරියක් විනාශ වෙයි

  දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ. රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි. මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

ඩීසල් රැගත් නෞකාවක් හෙට ශ්‍රී ලංකාවට

  චීනයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගයක් රැගත් “සුපර් ඊස්ටන්” නෞකාව මෙරටට පැමිණීම සඳහා සිංගප්පූරුවෙන් පිටත් වූ බව චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන හෙට (26) දිනයේ මෙරටට ළඟා වන බවයි සඳහන් වන්නේ. මෙරට ගොවීන් හා ධීවරයින් සඳහා එම ඩීසල් චීනය විසින් පරිත්‍යාග කර තිබෙනවා.

Read More

කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කිරීමට Emirates තීරණය කරයි

  ශ්‍රී ලංකාවට සෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් ගුවන්සේවය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගන්නා බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ. දෙසැම්බර් 01 වනදා සිට එම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Read More
Music Festival Electric Music

Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ” LANA PRODUCTION ” ආගමනය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ , Electric Music ප්‍රසාංග වේදිකාවේ දැවැන්තම අත්දැකීම ලාංකික ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරණ ” LANA PRODUCTION ” ආගමනය. මෑතකදී ශ්‍ර්‍රී ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙමිනින් පවතින Electric music සංගීත ප්‍රසංග කිහිපයක් පසුගිය කාලය පුරා කොළඹ සහ සංචාරක ආකර්ෂණය පවතින ප්‍රදේශ වල පවත්වනු දක්නට ලැබිනි. ලෝකය පුරා ඉතා ප්‍රචලිත සංගීත කලාවක් වන මෙහි…

Read More

ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

  ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා අතරින් අයෙක් බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වී තිබෙනවා. අනෙක් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Read More

මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

  කොළඹ උතුර අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් මෝදර සහ කළුබෝවිල ප්‍රදේශවල ඊයේ සිදුකල වැටලීමකදී මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ 47 හැවිරිදි සැකකරු මත්කරල් 4800ක් ලග තබාගෙන සිටියදි මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි ඔහුගේ නිවසේ තිබි තවත් මත් කරල් 73870ක් සොයා ගැණුනා.එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්ක කර…

Read More
Back To Top