තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට – 680කට තුවාල

තුර්කියේ සිදුවූ භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ (20)හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. පසුගිය 06 වනදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ මියගොස් ඇති බවට අනාවරණය කර තිබුණි. තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදුවිය හැකි…

Read More

“පුතේ යන්න එපා..දෙන්න සල්ලි නැහැ” ශ්‍රී පාද වන්දනාවේ ගොස් මරු තුරුළේ සැඟවුණු සිසුවා

ශ්‍රී පාද වන්දනාවට ගොස් අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ සිසුවකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා.17 හැවිරිදි ඔහුට ශ්‍රී පාද වන්දනාවට යෑම සඳහා නිවසින් මුදල් ලබා නොදුනද ඔහු ඉතා කැමැත්තෙන් ඊට සහභාගි වූ බවයි වාර්තා වන්නේ. “පුතේ සල්ලි දෙන්න නැහැ. ශ්‍රී පාදයේ යන්න එපා යැයි මවුපියන් කියද්දී, මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මම මැරෙනවා” යැයිද මොහු පවසා…

Read More

අඟුලානේ දී තරුණයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධවලින් පහර දී මොරටුව අගුලාන ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදීර සම්පත් හෙවත් උක්කුන් නමැති 26 හැවිරිදි පුද්ගලයෙක්. පහර කෑමෙන් ඔහුගේ ඥාතියෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔහු මේ වනවිට ලුණාව රෝහලේ ප්‍රතිකාර ලබනවා….

Read More

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට විශේෂ දැනුම්දීමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසති. පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කරනු ලැබීය. පසුව මෙ මස  27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පාලනාධිකාරිය සැලසුම් කර…

Read More

කිඹුලාවල STREET FOOD පාරෙන් අතුගා දමයි

කිඹුලාවල STREET FOOD ජංගම වෙළෙඳසැල්  මේ වෙන කොට රටේ හැමෝම දන්න කියන ප්‍රසිද්ධ තැනක්. මේ ජංගම වෙළෙඳසැල් පෙබරවාරි 24 වැනිදා වනවිට එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා. එහි වෙළෙඳසැල් 33 ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150 කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගනු ලබනවා. කොවිඩ් වසංගතය හේතුවෙන්…

Read More

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද ඇර⁣ඹෙයි

2022 වසරේ තෙවන පාසල් වාරයේ තෙවන අදියර අද (20) ආරම්භ වනවා. අදින් ආරම්භ වන තෙවන අදියර මාර්තු 24 දක්වා ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව 2023 වසරේ පළමු පාසල් වාරය මාර්තු 27 ආරම්භ වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Read More

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය ගණන 45,000 දක්වා ඉහළට

තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 45,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තුර්කියේ පමණක් 39,672 කු මියගොස් ඇති බවයි. එමෙන්ම සිරියාවේද 5,800 කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන්වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

Read More

බබා ලැබුණට පස්සෙ කැතවෙයි, මහත්වෙයි කියලා නම් හිතුවේ නෑ

නිරෝෂා තලගල කියන්නෙ නර්තනයෙන් වගේම රංගනයෙනුත් සිය හැකියාවන් පෙන්නුම් කළ කවුරුත් ආදරය කළ සුන්දර රුවැත්තියක්.. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් ඇගේ ආදරණීය දවස (ඇය මවක් වුණු දවස) ගැන අවදි කළ මතකයන්… දරුවෝ හම්බුණාම ගොඩක් අය කියන දෙයක්, ‘අනේ මම කැතවෙනවා’, ‘මහත් වෙනවා..’ ඔය වගේ කතා…. නිරෝෂාට ඒ වගේ ප්‍රශ්න ආවේ නැද්ද ? “මට නම් එහෙම…

Read More

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට තීරණයක්

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.

Read More

මාතර – වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය සිසුන් 3 දෙනෙකු අතුරුදන්

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read More
Back To Top