පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ඉගැන්වීම් රටාවේ වෙනසක්

  පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා ඉරීම 2023 වාසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිතයි. එම වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරු පුහුණු කිරීමේ වැඩසටහන ඊයේ (18) දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතන‍යේ දී ආරම්භ වුණා. තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේදී මව්බස අමතරව ජාත්‍යන්තර භාෂාවක්…

Read More

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

  ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (20) සහ අනිද්දා (21) දින වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශයට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති වේ….

Read More

මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඩුබායි සහ ඕමානයේ සිදුකෙරෙන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු 44 හැවිරිදි අයෙකි. අද (19) පෙරවරුවේ  ඔහුව අත්අඩංගුවට ගත් ගුවන්තොටුපොළ පොලීසිය පවසයි. පසුව සැකකරුව විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට භාර දී තිබේ.  

Read More

රජයෙන් බෙදා දෙන යූරියා වල නියමිත බර නැත

  රජය විසින් ගොවීන්ට බෙදාහරිනු ලබන කිලෝග්‍රෑම් 50 හේ යූරියා මිටියක නියමිත බරට පොහොර නොමැති බව අනාවරණය වීමේ සිද්දියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලද පැමිණිලි අනුව විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් රජයේ පොහොර ගබඩාවක් ඊයේ වටලා සිදු කළ පරික්ෂාවේදීයි. මෙහිදී ගොවිජනතාව වෙත බෙදාහැරීමට රැගෙන ආ ලොරි රථයක්…

Read More

වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි

  සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Read More

පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  ව්‍යාජ ලෙස සකස් කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර – මධ්‍යම කඳවුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 46 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සියඹලාවැව ප්‍රදේශයේ නිවසක දෝෂ මගහැරීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබෙනවා. සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නිවසේ දෝෂ මගහැරීමට…

Read More

ඉදිරි පැය 24 සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

  තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉන් පසුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ…

Read More

වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

  වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාළ ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවය. බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට…

Read More

කෝප්‍රල් වරයෙකු සිදු කළ සුපිරි වැඩේ

  ගිරිතලේ 2 වන ශ්‍රී ලංකා හමුදා පොලීසියේ කෝප්‍රල්වරයෙකු විසින් සිදුකළ අගනා ක්‍රියාවක් අපවෙත වාර්තා වී තිබේ. මෙහි කතා නායකයා වන්නේ කෝප්‍රල් NEDP නානායක්කාරයි. පසුගිය 13 වනදා සුපුරුදු පරිදි රාජකාරියේ නිරතව සිටි කෝප්‍රල් NEDP නානායක්කාරට ගිරිතලේ අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රයේ අනුරුව අසල තිබී කාන්තා අත්බෑගයක් හමුවී තිබේ. පසුව ඔහු එම අත්බෑගය සිය භාරයට ගෙන ගිරිතලේ 2…

Read More

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ප්‍රථම වරට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදෙයි

  නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කර තිබෙනවා. මේ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා පසුගියදා යොමු වූ අතර ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා. එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ…

Read More
Back To Top